Pro Pic

Pages

ඔලිම්පික් අවසන්

ලොව විශාලම ක්‍රීඩා උළෙල ලෙස හැඳින්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙම මස 12 වනදා අවසන් විය.අති උත්කර්ශවත් ලෙස පැවතුණු මෙම තරගාවලියේ ප්‍රථම ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයටත්,දෙවන ස්ථානය චීනයටත් ,තෙවන ස්ථානය මහා බ්‍රිතාන්‍ය ට ත් හිමි විය.මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා බැට්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න ලෝක ශ්‍රේණිගතකිරීම් වල 8 වන ස්ථානයේ රැඳී සිටිනා ක්‍රීඩකයා පරදවා දෙවන වටයට සුදුසුකම් ලැබීම සුවිශේෂ සිදුවීමක් විය.

ශ්‍රී ලංකාව එක්දින හා 20-20 තරගාවලි 2 කම පරාජයට

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති එක්දින හා 20-20 තරගාවලි 2 කම ශ්‍රී ලංකාව දරුනු ලෙස පරාජය විය.එක්දින තරගාවලිය 4-1 ලෙස හා 20-20 තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීම ට ඉන්දීය කණ්ඩායම සමත් විය.20-20  ලෝක කුසලානය අසන්නයේ දී මෙවැනි ඉරණමකට ගොදුරු වීම ඉතාමත් අමිහිරි සිදුවීමකි.නමුත් ඒ අමිහිරි මතකය අමතක කර 20-20 ලෝක කුසලානය ජයග්‍රහනය කිරීමට අපි ශ්‍රී ලංක කන්ඩයමට සුභ පතමු.

සංගා ට ආබාධයක්


ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති 3 න් වන එක්දින ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කන්ඩායමෙ විශිෂ්ට පිතිකරු කුමාර් සංගක්කාර ඇගිල්ලේ අබාධයකට ලක් විය.මෙම අබාධය නිසා සංගාට සති 6 ක පමණැ කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇතැයි වැඩි දුරටත් සඳහන් වේ.ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරුවා වන සංගාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

එස්.එල්.පී.එල්. ආරම්භ වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරන SLPL (Sri Lanka Premier League)  තරගාවලිය මෙම මස 12 වනදා උත්සවාකාරයෙන් අරම්භ කෙරිණි.රටවල් බොහොමයකින් ක්‍රීඩකයන් සහභාගි වන මෙම තරගාවලිය ශ්‍රී ලන්කාවේ ක්‍රිකට් ක්‍රීඩාංගන 3 ක පැවැත්වේ.මෙයට කණ්ඩායම් 7ක් සහභාගි වන අතර මෙය අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීම ශ්‍රී ලන්ක ක්‍රිකට් ආයතනයේ බලපොරොත්තුවයි.

තුන්කොන් තරගාවලිය ආරම්භයේදීම ඉන්දියව බැට කයි

ඉන්දු-ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තුන්කොන් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ(5)පැවති තරගයෙන් ඉන්දියාව පරදවා ලකුණු 65(D/L) ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියාව සමත් විය.මෙහිදී කාසිය වාසිය හිමි කරගත් ඉන්දියානු නායක දෝනි ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියාවට අරාධනා කළේය.ඒ අනුව ඕස්ට්‍රේලියාව පිටියට පිවිසුනත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගය පන්දුවා 32 ක ට සීමා විය.ඕස්ට්‍රේලියාව සිය පන්දුවාර 32 තුල ලකුණු 216 ක් ලබා ගැනීමට සමත් විය.ලකුණු 217 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ඉන්දියාවට සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 151 ක් පමණි.තරගාවලියේ 2 වන තරගය මෙම මස 8 වන දා පැවැත්වේ.