Pro Pic

Pages

තුන්කොන් තරගාවලිය ආරම්භයේදීම ඉන්දියව බැට කයි

ඉන්දු-ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තුන්කොන් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ(5)පැවති තරගයෙන් ඉන්දියාව පරදවා ලකුණු 65(D/L) ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියාව සමත් විය.මෙහිදී කාසිය වාසිය හිමි කරගත් ඉන්දියානු නායක දෝනි ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියාවට අරාධනා කළේය.ඒ අනුව ඕස්ට්‍රේලියාව පිටියට පිවිසුනත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගය පන්දුවා 32 ක ට සීමා විය.ඕස්ට්‍රේලියාව සිය පන්දුවාර 32 තුල ලකුණු 216 ක් ලබා ගැනීමට සමත් විය.ලකුණු 217 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ඉන්දියාවට සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 151 ක් පමණි.තරගාවලියේ 2 වන තරගය මෙම මස 8 වන දා පැවැත්වේ.